නව පාසල් වාරය අදින් ආරම්භ වෙයි

February 19, 2024 - 8:49 AM
2024 නව පාසල් වාරය අද (19) දින ආරම්භ කෙරුණා.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා (16) අවසන් වුණා.

ඒ අනුව නව පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

එමෙන්ම පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වනදා දක්වා ක්‍රියාත්මක වීමට  නියමිතයි.
(lknews.lk)