පිළිකා හේතුවෙන් මිය යන ළමුන් ගණන හෙළිවෙයි

February 14, 2024 - 6:13 PM
පෙබරවාරි 15ට යෙදෙන ළමා පිළිකා දිනය හා සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

2021 වර්ෂයේ දී පිරිමි දරුවන් 578ක් සහ ගැහැණු දරුවන් 454ක් වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

එමෙන්ම වසරකට පිළිකා රෝගී දරුවන් 250 - 300 අතර ප්‍රමාණයක් මිය යන බව මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා පැවසුවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පිළිකා සහිත දරුවන් මුල් අවස්ථාවේදීම හඳුනා ගෙන නිසි ප්‍රතිකාර ලබාදීම ද වැදගත් බවයි.
(lknews.lk)