බදුල්ලේ වීදි සුනඛ ගහණය වැඩිවෙයි

January 03, 2025 - 5:39 PM
බදුල්ල නගරයේ වීදි සුනඛයන් විශාල පිරිසක් සැරිසරන බව බදුල්ල නගරවාසීන් ප්‍රකාශ කළා.

2024 වසරේදී බදුල්ල නගරයේ පුද්ගලයන් 6,700ක් පමණ සුනඛ සපාකෑම්වලට ලක්වී බදුල්ල ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබෙන වාර්තා වන්නේ.

රෝහල් බලධාරීන් සඳහන් කළේ සපාකෑම්වලට ලක්වූවන් අතර විදේශිකයන්ද සිටින බවයි.

එමෙන්ම වැඩි වශයෙන් සුනඛ සපාකෑම්වලට ලක්වී ඇත්තේ කුඩා දරුවන් වන බවයි වාර්තා වන්නේ.

බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේ ඌව පළාතේ සමස්ථයක් ලෙස 25,000-30,000ත් අතර පුද්ගලයන් ප්‍රමාණයක් මෙසේ සපාකෑම්වලට ලක්ව එන්නත් ලබා ගෙන ඇති බවයි.



(lknews)