මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය මිලියන 2 ඉක්මවයි

December 26, 2024 - 1:55 PM
2024 වසරේදී සංචාරකයින් මිලියන 2.1ක් අපේක්ෂා කරන අතර වසර අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක් ඉපයීමට අපේක්ෂාවක් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අද (26) පෙරවරු 10.49ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි සංචාරකයා සමඟ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියන 2 ඉක්මවා ඇති බවයි සඳහන් වන්නේ.

බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙන් එම සංචාරකයා මෙරටට පැමිණ තිබෙනවා.

(lknews)