ග්ලුකෝමා රෝගයට ගොදුරුවූ පිරිස ඉහළට

March 06, 2024 - 9:28 AM
මෙරට ජනගහනයෙන් සියයට 5ක පමණ ප්‍රමාණයක් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවා.

ඒ, ඇස්තමේන්තු ගත කිරීමකින් අනතුරුවයි.

ලොව පුරා ග්ලුකෝමා රෝගයෙන් පීඩාවිඳින ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බව ඔහු කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ද මෙම රෝගයට ගොදුරු වූවන් ප්‍රමාණයේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)