විරෝධතාකරුවන් පිරිසකට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරයි

January 24, 2024 - 8:54 AM
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ විරෝධතාකරුවන් පිරිසක් අද (24) සංවිධානය කර ඇති විරෝධතාවයකට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

වැලිකඩ පොලිස් වසමේ පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තු මාර්ගය සහ පාර්ලිමේන්තු ප්‍රධාන දොරටුව අවහිර කරමින්, පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි ලෙස ප්‍රධාන මාර්ගය අවහිර කර විරෝධතාවය පැවැත්වීමට නියමිත බවට වැලිකඩ පොලීසියට තොරතුරක් ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව අධිකරණය එම නියෝගය ලබාදී තිබෙනවා.
(lknews.lk)