ග්‍රහලෝකාගාරය හෙට සිට දින කිහිපයක් වැසෙයි

February 26, 2024 - 3:58 PM
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ, ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව හෙට (27) සිට මාර්තු මස 12 වනදා දක්වා ග්‍රහලෝකාගාරය වසා දැමීමට තීරණය කර තිබෙන බව එම නිවේදනයේ සඳහන්.
(lknews.lk)