පොලීසියෙන් ඡන්දහිමි නාමලේඛන පරික්ෂා කරයි

January 18, 2024 - 2:32 PM
ඡන්දහිමි නාමලේඛනයට අනුව සෑම නිවසකම සිටින පුද්ගලයින් ගැන වාර්තාවක් ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව වැඩ බලන පොලිස්පතිවරයා පවසනවා. 

ඒ අනුව යම් අයෙකු පදිංචියට එනවා නම් හා පදිංචිය අතහැර යන්නේ නම් පොලීසිය දැනුම්වත් කළ යුතු බව ද ඔහු සඳහන් කළා. 
 
මේ අතර මාර්ග රථවාහන වැරදි සම්බන්ධයෙන් CCTV කැමරා භාවිත කරමින් නිරීක්ෂණය කර ඒ අනුව වැරදිකරුවන්ට නඩු පවරන බව වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)