තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන් වෙයි

November 10, 2023 - 10:31 AM
තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අවසන් කර ඇති බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

ඒ අනුව තැපැල් සේවකයින් අද දිනයේ සේවයට වාර්තා කරන අතර එකතුවී ඇති තැපැල් භාණ්ඩ අද දිනය තුළ බෙදාහැරීමට කටයුතු කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

තැපැල් සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවේ, නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් ඊයේ (08) සිටයි.
(lknews.lk)