චර්ම රෝග ව්‍යාප්තිය ඉහළට

March 22, 2024 - 12:32 PM
මෙරට ජනතාව අතර චර්ම රෝග තත්වය ව්‍යාප්ත වෙමින් පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ, එම රෝගී තත්වය මේ වන විට වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

මෙම චර්ම රෝගය වයස් භේදයකින් තොරව සියලු දෙනා අතර පැතිර යාමේ හැකියාව පවතින බව ද  වෛද්‍යවරුන් පවසනවා.

එමෙන්ම මෙය ස්පර්ශය මඟින් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව ද වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)