ලොකු ළූණු මිල යළිත් ඉහළට

February 16, 2024 - 1:41 PM
වෙළඳපොලේ ලොකු ළූණු මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ පකිස්ථානයෙන් ආනයනය කරන ළූණු මිල ඉහළ දැමීමයි.

ඒ අනුව පිටකොටුව තොග වෙළඳපොලේ රුපියල් 330ක පමණ අගයකින් පැවති ලොකු ළූණු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 400 කට අසන්න වී තිබෙනවා.

එමෙන්ම දඹුල්ල සහ මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වලද ලොකු ළූණු තොග මිල සටහන් වන්නේ රුපියල් 420 කට ආසන්න අගයකින් බව වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළා.
(lknews.lk)