ලෝක වෙළෙඳපොලේ රන් මිල ඉහළ යයි
March 06, 2024 - 4:35 PM
ලෝක වෙළෙඳපොලේ රන් මිල මේ වන විට වාර්තාගත අන්දමින් ඉහළ යාමක් පෙන්නුම් කරනවා.
කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල ඊයේ (5) වාර්තා වී තිබුණා.
ඒ, අමෙරිකානු ඩොලර් 2,141යි ශත 59ක් ලෙසයි.
එමෙන්ම පසුගිය දින 30ක කාලය සැලකූ විට ඩොලර් 100කට ආසන්න ප්රමාණයකින් ද මාස 06ක කාලය සලකූ රන් අවුන්සයක මිල ඩොලර් 200කට වැඩි ප්රමාණයකින් ඉහළ ගොස් තිබුණු බව වාර්තා වනවා.
මෙලෙස රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමට ගෝලීය භූ දේශපාලනික උණුසුම විශේෂයෙන් බලපා ඇති බවයි සඳහන් වන්නේ.
ආසියානු වෙළෙඳපොලවල රන් භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යාමත් රන් මිල ඉහළ යාමට බලපා තිබෙනවා.
(lknews.lk)