බත් පැකට්ටුවක මිල ඉදිරියේදී වෙනස් වෙයි

January 02, 2025 - 7:40 PM
පවතින සහල් මිල ගණන් යටතේ ඉදිරියේදී බත් පැකට්ටුවක මිලත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව එම සංගමේ සභාපති ඉන්දික අරුණ කුමාර කියා සිටියේ පවතින සහල් අර්බුදය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපනශාලා වැසී යාමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

අනුරාධපුරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

(lknews)