එළවළු කිහිපයක මිල පහළ යයි

March 28, 2024 - 10:58 AM
රාබු, කැකිරි ඇතුළු එළවළු වර්ග කිහිපයක කිලෝවක තොග මිල රුපියල් 20ත් 30ත් අතර මිලක් දක්වා අඩු වී තිබෙනවා.

දඹුල්ලේ තොග වෙළෙන්දෝ කියා සිටියේ, කැකිරි සහ මෑකරල් කිලෝවක් රුපියල් 30ක තොග මිලකට අලෙවි කෙරුණු බවයි.

එමෙන්ම ගොටුකොළ, කංකුන් පලා මිටියක මිල රුපියල් 25ක් දක්වාද පොළොස් ගෙඩියක මිල රුපියල් 55ක් දක්වා ද අඩු වී තිබෙනවා.

වෙළෙන්දෝ පවසන්නේ, ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් මෙලෙස මිල ගණන් අඩු වී ඇති බවයි.
(lknews.lk)