විදුලි බිල අඩු කිරීමේ යෝජනාව අද කොමිසමට

February 22, 2024 - 12:06 PM
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී වැඩි කෙරුණු විදුලි ගාස්තු නැවත අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ, විදුලිබල මණ්ඩලය උපයා ඇති ලාභය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් අදාළ යෝජනාව ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව මෙම විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව අද (22) දින මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
(lknews.lk)