දේශීය හුණු කර්මාන්තශාලා අභාවයට යාමට කරුණු හෙළිවෙයි

February 12, 2024 - 3:32 PM
දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය බොහෝ අමුද්‍රව්‍ය මෙරටින් සපයා ගත හැකිව තිබියදීත්, ඒවා විදේශ රටවලින් ආනයනය කිරීම මෙරට කර්මාන්ත අභාවයට යාමට හේතුවක් වී ඇති බව හුණු කර්මාන්තකරුවන් පවසනවා.

මෙයට ප්‍රධාන හේතු ලෙස හුණු කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ,

1) විදේශ රටවලින් ආදේශක ආනයනය කිරීම.
2) අමු ද්‍රව්‍ය මිල ඉහළ යාම.

මේ හේතුවෙන් සොරණාතොට සහ මීගහකිවුල ප්‍රදේශවල හුණු කොටුවලින් සියයට 30 කට අසන්න ප්‍රමාණයක් මේ වන විට වැසී ගොස් ඇති බව ද ඔවුන් සඳහන් කළා.
(lknews.lk)