ගොවිබිමට පුනරුදය ඇරඹෙයි

April 29, 2025 - 2:37 PM
ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය වන 'ගොවිබිමට පුනරුදය' අද (29) නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ගොවි සංවිධාන 1,000ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 1,000ක් සලකා බලා, එම පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.


(lknews.lk)