අස්වැසුම දෙවැනි අදියරේ අයදුම්පත් කැඳවීම දීර්ඝ කරයි

March 14, 2024 - 5:34 PM
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය මාර්තු 22 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ වන විට නව අයදුම්පත් 130,000ක් දෙවැනි වටය සඳහා දත්ත පද්ධතිය වෙත ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තවත් අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දත්ත පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුව ඇති බවද සඳහන් වනවා.
(lknews.lk)