උඩවලව වේල්ල හරහා මාර්ගය වසා දැමේ

December 13, 2023 - 12:05 PM
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එහිදී දෙසැම්බර් 15වනදා සිට ජනවාරි 15වනදා දක්වා අදියර කීපයක් ඔස්සේ එම මාර්ගය වසා දැමෙන බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව, මේ මස 22 දා සිට 25 දා දක්වා ඉහත මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, 23 දා සිට ජනවාරි 06 දා දක්වා එක් මං තීරුවක් වසා දැමෙනවා.

එමෙන්ම, ජනවාරි 07 දා සිට ජනවාරි 14 දින දක්වාද මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමෙන බවත්, ජනවාරි 15 දින සම්පූර්ණයෙන්ම නැවත මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කරන බවත් එම නිවේදනයේ සඳහන්.
(lknews.lk)