පාසල් ක්‍රමවේදය වෙනස් වෙයි

March 29, 2024 - 10:29 AM
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික පියවර අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රය තුළින් ඉදිරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව 1 - 5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6 - 10 ශ්‍රේණි සහිත පාසල් කණිෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් 10 - 13 පන්ති සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් වර්ගීකරණය කරන බවයි.
(lknews.lk)