දුම්රියේ සීසන් අහෝසියි

September 24, 2023 - 3:49 PM
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් පත්කිරීමෙන් අනතුරුව සියලුම ගාස්තු වැඩිවීමක් සහ සියලුම වාර ප්‍රවේශ පත්‍ර අත්හිටුවීමක් සිදුකෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව දැනට රුපියල් 20ක් වන අවම ගාස්තුවේ සිට සියලුම දුම්රිය ගාස්තු, බස් ගාස්තුවට සමානව හෝ ආසන්නයට වැඩි කෙරෙන බව සඳහන්.

ප්‍රවාහන අමාත්‍යාංශයේදී දුම්රිය ප්‍රධානීන් සහ වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවකදී ප්‍රවාහන අමාත්‍යාංශය විසින් මේ බව අනාවරණය කළා.

වාර ප්‍රවේශපත්‍ර අත්හිටුවීමෙන් විශාල මුදලක් එම අධිකාරියට උපයා ගත හැකි බවද අමාත්‍යංශ බලධාරීන් එහිදී පෙන්වා දී තිබුණා.
(lknews.lk)