ඉන්දියාවෙන් ආ දෙවැනි අමුත්තා

April 05, 2025 - 12:43 PM
ඉන්දියානු නාවික හමුදාවට අයත් INS සයාද්‍රි යුද නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

මෙලෙස ඊයේ දිවයිනට පැමිණ ඇත්තේ දිගින් මීටර් 143ක් හා කාර්යය මණ්ඩලය 320ක ගෙන් සමන්විත වන ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාවක්.

එසේම, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහ දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහභාගී වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළා.

තෙදින නිල සංචාරය අවසන් කරමින් INS සයාද්‍රි යුද නෞකාව අනිද්දා දිවයිනෙන් පිටත් වීමට නියමිතව තිබෙනවා.

(lknews.lk)