පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් ඇරඹේ

March 31, 2025 - 11:24 AM
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරයේ දෙවන අදියර හෙට(01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

පළමු පාසල් වාරයේ පළමුවන අදියර පසුගිය 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වුණා.

මේ අතර රාමසාන් උත්සවය සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අද (31) දිනට අමතරව 2025.04.01 දින ද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම නිවාඩු දිනයන් වෙනුවෙන් පාසල් පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

(lknews.lk)