විදුලි සේවකයින් 17 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

January 19, 2024 - 8:41 AM
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් 17 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

විදුලි අයකැමිවරුන් පිරිසකගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිව පසුගියදා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විදුලි වෘත්තිය සමිති විසින් මෙම විරෝධතාව පවත්වනු ලැබුවා.
(lknews.lk)