විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

February 22, 2024 - 11:09 AM
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

ඒ මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කළා.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්‍රියන්ත මහතා ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබුණා.
(lknews.lk)