උෂ්ණත්වය ඉහළට

March 22, 2024 - 1:04 PM
මේ දිනවල උෂ්ණත්වය වෙනත් දිනවලට වඩා සෙල්සියස් අංශක දෙකකින් ඉහළ ගොස් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ, දිවයින පුරා මෙම තත්වය පවතින බවයි.

අසාමාන්‍ය ලෙස මේ කාලයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්දැයි පරීක්ෂා කිරීමට නම් අධ්‍යයනයක් සිදු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)