හෙට උණුසුම ඉහළට

March 07, 2024 - 4:13 PM
හෙට (08) දිනයේ ප්‍රදේශ රැසක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණා.

එමෙන්ම මෙම උණුසුම් කාලගුණය අප්‍රේල් මාසය මැද දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම නිවේදනය පහතින්,
(lknews.lk)