හෙටත් උණුසුම ඉහළට

March 08, 2024 - 5:02 PM
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (9) දිනයේ දී අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
(lknews.lk)