හෙට දිනයේත් උණුසුම ඉහළට

March 10, 2024 - 5:42 PM
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, හෙට (11) දිනය සඳහා අදාළ වන පරිදියි.

හෙට දිනයේ බස්නාහිර, වයඹ, දකුණු සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් තත්වය අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බව එම නිවේදනයේ සඳහන් වනවා.
(lknews.lk)