හෙටත් උණුසුම ඉහළට

March 14, 2024 - 10:11 PM
දිවයිනේ ප්‍රදේශ කිහිපයක හෙට (15) දිනයේ උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ කොළඹ, ගම්පහ, මොණරාගල, මන්නාරම, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලයි.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)