පළමු පාසල් වාරයේ තුන්වන අදියර ආරම්භය මැයි 20

May 03, 2024 - 9:25 AM
2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි මස 20 වනදා ආරම්භ වීමට නියමිතයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වනදා ආරම්භ වන අතර එය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
(Lknews.lk)