පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් ඇරඹෙයි

April 21, 2025 - 9:51 AM
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ ඒ අනුව පළමු වාරය මැයි මස 9 වන දින අවසන් වීමට නියමිත බවයි.

පසුව 2025 දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වන සඳුදා ආරම්භ වන අතර එය අගොස්තු 07වනදා දක්වා පැවැත්වෙනවා.

එමෙන්ම තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 8 වන දින ආරම්භ වන අතර එය ඔක්තෝබර් 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තෙවන වාරයේ දෙවන අදියර නොවැම්බර් 17 වනදා සිට දෙසැම්බර් මස 19 වනදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.


(lknews.lk)