පාරිභෝගික අධිකාරියේ ඉහළ පුටු හිස් වෙයි

March 08, 2024 - 3:51 PM
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස් වී තිබෙනවා.

ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස ඉල්ලා අස් වී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ,  නව අධ්‍යක්ෂ මණ්ඩලය සඳුදා දිනයේ පත්කිරීමට නියමිත බවයි.
(lknews.lk)