විදුලි ගාස්තු සංශෝධනය ගැන සාකච්ඡාවට උපයෝගීතා කොමිසම රැස්වෙයි

January 22, 2024 - 3:23 PM
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (22) රැස්වීමට නියමිතයි.

ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දුන්නා.

එහිදී යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඊට උපයෝගීතා කොමිසම ද සිය අදහස් එක් කරනු ඇති.

අනතුරුව සති 03ක කාලයක් එම යෝජනාවලිය මහජනතාවට ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.

එම කාලයෙන් පසු මහජන අදහස් විමසීමේ සැසිය පවත්වනු ඇති බව සඳහන්.

අනතුරුව සියලු යෝජනා එක්කර නව යෝජනාවලිය ලංකා විදුලි බලමණ්ඩලයට ලබාදීමට නියමිතයි.
(lknews.lk)