අද ඩොලරයේ අගය

December 14, 2023 - 5:38 PM
ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගය සුළු වැඩිවීමක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය සටහන් වී ඇත්තේ රුපියල් 322. 23ක් ලෙසයි.

ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 331. 47 ක් ලෙස වාර්තා වුණා.

එමෙන්ම අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331.47ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනයේ එම අගය රුපියල් 331.61ක් ලෙස වාර්තා වී තිබෙනවා.
(lknews.lk)