මහවැලියේ ජල මට්ටම ඉහළට

October 18, 2023 - 11:12 AM
වර්ෂාවත් සමග මහවැලි ජලාශවල ජල මට්ටම 46% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ, කොත්මලේ ජලාශයේ ධාරිතාව 77%ක් දක්වාත් වික්ටෝරියා ජලාශයේ ධාරිතාව 44% ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.

මහ කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව සඳහන්.
(lknews.lk)