දේශගුණික විපර්යාස නිසා ලෝකය අනතුරේ – පාප්වහන්සේ කියයි

October 05, 2023 - 9:28 AM
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ලෝකය බිඳවැටෙමින් පවතින බව ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එළඹෙන COP28 දේශගුණ සාකච්ඡාවලට සහභාගිවන්නන්ගෙන් පොසිල ඉන්ධන ඉවත් කිරීමේ ප්‍රතිපත්තිවලට එකඟ වන ලෙසයි පාප්වහන්සේ ඉල්ලා සිටින්නේ.

පාප්වහන්සේගේ Devastation of manmade climate change ලිපිය නිකුත් කර වසර අටකට පසු පාප්වහන්සේ ඒ ගැන පසු විපරමක් කර ඇති අතර දැනටමත් ආපසු හැරවිය නොහැකි විනාශයන් සිදු වී අවසන් බවද එතුමන් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් නොවැම්බර් 30 වෙනිදා ඩුබායි හි ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡාවල මීළඟ වටයෙන් යම් වෙනසක් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව අපේක්ෂා කරන බවද පාප්වහන්සේ සඳහන් කරනවා.
(lknews.lk)