ඩෙංගු රෝගය යළි පැතිරීමේ අවධානමක්

January 01, 2025 - 6:49 PM
යාපනය ප්‍රදේශයේ මේ දිනවල ඩෙංගු රෝගීන්ගේ වර්ධනය වීමක් පෙන්නුම් කරන බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන් ප්‍රකාශ කළා.

ඒ යාපනයේ පිහිටි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

2024 දෙසැම්බර් මාසය වන විට යාපනය ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් 241දෙනෙක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම දෙසැම්බර් අවසන් සතිය වන විට රෝගීන් 50දෙනෙක් වාර්තා වූ බවද ඔහු සඳහන් කළා.

ජනවාරි මාසය වන විට මෙම තත්ත්වය තවත් ඉහළ යාමේ අවධානමක්ද පවතිනවා.

ඒ අනුව ග්‍රාමීය මට්ටමෙන් ඩෙංගු මර්දනය සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා මහජනතාවගේ සහයෝගය ලබා දෙන ලෙසද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(lknews)