පාසල් රැසක උසස් පෙළ ගුරුවරුන්ගේ හිඟයක්
April 09, 2025 - 10:09 AM
දිවයිනේ පාසල් රැසක අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ගුරුවරුන්ගේ දැඩි හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ලේකම් ජෝෂප් ස්ටාර්ලින් සඳහන් කළේ, මේ සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා රජයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවයි.
එමෙන්ම පාසල්වල ගුරු හිඟය වැනි කරුණු හේතුවෙන් අවිධිමත් උපකාරක පංති ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ හා ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අධ්‍යාපන පද්ධතිය තුළ පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා මෙවර අයවැය මඟින් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.
එමෙන්ම උපකාරක පන්ති ක්ෂේත්‍රය පුරා රුපියල් බිලියන 200කට අධික මුදලක් සංසරණය වන බව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් මහාචාර්ය වසන්ත අතුකෝරල ප්‍රකාශ කළා.
(lknews.lk)