මෙරට රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක්
December 27, 2024 - 10:48 AM
මෙරට රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ 40%කට වැඩි ප්‍රමාණයක හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළා.
ඒ පසුගිය රජය විකිරණ තාක්ෂණවේදීන් සේවයට බඳවා ගැනීම් සීමා කිරීම හේතුවෙන්.
එමෙන්ම උසස් ඩිප්ලෝමාධාරීන් 41දෙනෙක් මේ වන විටත් රැකියා අපේක්ෂිතව සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ නමුත් ඔහු කියා සිටියේ මේ වසරේදී විකිරණ තාක්ෂණවේදීන්ගෙන් 80කට අධික ප්‍රමාණයක් විදේශ ගත වී ඇති අතර දැනට ලංකාවේ සේවය කරන ප්‍රමාණය 620දෙනෙක් පමණක් බවයි.
(lknews)