මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති වෙයි

March 08, 2024 - 12:04 PM
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය බලධාරීන් පවසා තිබෙනවා.

එම දුම්රිය ප්‍රමාදය සිදු දී ඇත්තේ, කොළඹ දෙස සිට මාතර දෙස දක්වා වන දුම්රිය මාර්ගයේ බම්බලපිටිය - වැල්ලවත්ත අතර කොටසේ හදිසි අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව කොළඹ දෙසට සහ මාතර දෙසට ගමන් ගන්නා සියලු දුම්රියන් බම්බලපිටිය - වැල්ලවත්ත අතර කොටසේ දී එක් මාර්ගයක දුම්රිය ධාවනය කරවීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
(lknews.lk)