මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ඇරඹෙයි

November 24, 2023 - 2:34 PM
මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ආරම්භ වී පෙබරවාරි 02 දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසූවේ, අද (24) පාර්ලිමේන්තුවේදියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලට මුහුණ දෙන දරුවන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා රැසක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

ජාතික අධ්‍යාපන ආයතනය, වෘත්තිය පුහුණු අධිකාරිය සහ විවෘත විශ්ව විද්‍යාලය යන ආයතන සියල්ල එක්ව මෙම පාඨමාලා ආරම්භ කරන බව සඳහන්.

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින 237,000ක් දරුවන්ට එහි පළමු පාඨමාලාව ආරම්භ කරන බවත් එළඹෙන දෙසැම්බර් 15 න් පසු එම පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවා. 
(lknews.lk)