සා/ පෙළ උත්තර පත්‍ර 52ක් කුණු ගොඩක

December 01, 2023 - 11:00 AM
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර 52ක් කසළ ගොඩක තිබී විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හමුවී ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ්‍ ස්ටාලින් මහතා පවසනවා.

උත්තර පත්‍ර ඇගැයීම් අවසානයේදී ඉවතලන කඩදාසි පාර්සලයකට මෙම පිළිතුරු පත්‍ර දමා කසළ ලෙස ඉවත් කර තිබූ බව ද ඔහු සඳහන් කළා.

ජෝසෆ්‍ ස්ටාලින් මහතා පැවසූවේ, විභාග පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ දමන මෙම සිදුවීමට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙතෙක් ප්‍රමාදයට අදාළ පිළිතුරු පත්‍ර ඉවත දැමීමේ සිදුවීම හේතුවක් වී ඇතැයිද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළා.
(lknews.lk)