මෙවර ICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී

July 16, 2024 - 4:03 PM
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව එම සමුළුව ජූලි 19 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඒ සඳහා අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව, නැගෙනහිර ආසියා පැසිෆික් සහ යුරෝපය වැනි කලාප ආවරණය වන පරිදි ලොව පුරා ICC සාමාජික රටවල් 108කින් නියෝජිතයින් 220කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිතයි.

(lknews)