මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේදී

March 15, 2024 - 1:17 PM
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මැයි මස 21 වනදා සිට 27 වනදා දක්වා සතියක කාලයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාව ඊයේ (14) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා.

ඒ අනුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උළෙල මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.
(lknews.lk)