ජයග්‍රහණය කරන්න බෑ කියන කට්ටියට පක්ෂය අතහැරලා යන්න පුලුවන් - නාමල්

June 23, 2024 - 4:44 PM
තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කල හැකි අයකු පමණක් බව නාමල් රාජපක්ෂ පවසනවා.

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ සිය පක්ෂයෙන් ඡන්දය ඉල්ලා දැන් වෙනම ගොස් සිටින අය සමඟ කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද ඔහු කියා සිටියා.

ජනාධිපතිවරයාට පොහොට්ටුව සමග එක්ව ජයග්‍රහණය කිරීමට නොහැකි බව පවසන පොහොට්ටුවේ පිරිසට  පක්ෂය අතහැර යා හැකි බවත් වැඩිදුරටත් පැවසුවා.
(lknews.lk)