ජනකගෙන් කප්පම් ගත් තිදෙනෙකු අත්අඩංගුවට

October 29, 2023 - 4:33 PM
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ කප්පම් ගැනීමේ සිදුවීමට අදාළව තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව CCDය විසින් අදාළ කප්පම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, රඹුක්කන ප්‍රදේශයේදීයි.

පසුගිය දා ජනක රත්නායක මහතාව ඝාතනය කරන ලෙස තමන්ට කොන්ත්‍රාත්තුවක් ලැබුණු බව පවසමින් ඉන් බේරීම සඳහා රුපියල් මිලියන 1.5 ලබා දෙන ලෙස පවසමින් දුරකථන ඇමතුමක් ලැබී තිබුණා.

පසුව ඔහු විසින් එම කප්පම් මුදල ලබා දී ඇති බව සඳහන්.
(lknews.lk)