ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකාවට

February 15, 2024 - 1:36 PM
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසුවේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත බවයි.

අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඔහු මේ බව පවසා ඇත්තේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
(lknews.lk)