සයනයිඩ් පෙවූ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

February 15, 2024 - 5:12 PM
ආදුරුප්පුවීදිය පොලිසිය තුළදී සැකකරුවන් දෙදෙනෙකුට සයනයිඩ් මිශ්‍ර කිරි ලබා දී ඝාතනයට තැත් කළ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම සිද්ධියට අදාළව පසුගිය 12 වැනිදා අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ඇතුළු 7 දෙනාගෙන් රඳවාගෙන කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවයි.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා ඔරුගොඩවත්ත සහ කොටහේන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා.
(LKNEWS)