ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

February 23, 2025 - 8:39 AM
ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයන් 08 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (22) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)